Friday, July 29, 2011

තුන් කාල​

ඩොකියුමන්ට් එකක් ටයිප් කර කර ඉද්දී මට ඒ ලෙවල් කාලේ වෙච්ච සිදුවීමක් මතක් උනා...
මේක උනේ රොටරියෙ එකවුන්ට් ක්ලාස් එකක​...
බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පේළි වලින් නිසා අපි ඉඳගන්නෙම පිටිපස්සෙම පේළි වල​...
එදා කරේ තියරි පාඩමක්, හදන්න ගණන් නැතුව කම්මැලි කමේ හිටපු හින්දා සර්ට චිට් එකක් යවන්න හිතුනා....
පැත්තක ඉන්න කෙල්ලො දකිද්දි ලියන්න අයිඩියා එකකුත් ආවා...
" සර් ගැහැණු ළමයිට 3¼ කලිසම් ඇඳගෙන පන්ති එන්න අවසර තියෙනවා නම් ඇයි අපිට අවසර නැත්තෙ?? "


සර් ළගට කොලේ ගියා,, ඔන්න දැන් සර් කියවනවා..
ප්‍රශ්නෙ මුලින් කියෙව්වා,, "අහපු ප්‍රශ්නේ නම් වරදක් නෑ, හැබැයි ලියපු කෙනා තුන් කාල ලියලා තියෙන්නේ තුනයි කාල කියලා, එහෙම දිග කලිසම් ඇන්දට නම් කමක් නෑ" කිව්වා...
හෆ්ෆා,, මට විලි ලැජ්ජාවෙ සන්තෝසේ බෑ ඉතින්,, වෙලාවට ළඟ හිටපු උන් විතරයි දන්නේ ලිව්වේ මම කියලා,,, මාත් ඉතින් මුකුත් දන් නෑ වගේ හයියෙන් හිනා වෙවී හිටියා...

( කතාව මීටර් නැති අයට කියන්නේ, තුන් කාල ලියන්නේ මෙන්න මෙහෙම ¾ )

Friday, July 15, 2011

යින් සහ යැන්


ඔබ මේ සලකුන ගැන මොනාද දන්නේ? කුන්(ග්)ෆූ ක්‍රීඩාවේ සලකුනක් කියලා පමණද​?
මේ සලකුන පිටුපස ජීවිතය පිළිබඳ​ ලොකු තේරුමක් තියෙනවා.. ප්‍රධාන වශයෙන් එය සමබරතාවය කියලා හඳුන්වන්න පුලුවන්.

මේ සලකුනේ රූපමය තේරුම පිළිබඳ සැලකුවොත් පිටත කලු රවුමෙන් අදහස් කරන්නේ "සියල්ල​" යන්නයි...
මැද ඇති කලු සහ සුදු කොටස් වලින් ශක්තීන් දෙකක අන්තර් ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරනවා..
කලු කොටස "යින්" ලෙසත්, සුදු කොටස "යැන්" ලෙසත් හැඳින්වෙනවා.. සියල්ල සිදුවීමට හේතුවන්නේ මේ ශක්තීන් දෙක ලෙස සලකනවා.. ඒ වගේම විශේෂ දෙයක් වන්නේ මේ කොටස් සම්පූර්ණයෙන් කලු හෝ සුදු නොවීමයි.. ජීවිතයේ සෑම දෙයක්ම කලු හෝ සුදු නොවන බව මයින් අදහස් කරනවා..
ඒ වගේම මේ ශක්තීන් දෙකට එකකට එකක් නොමැතිව පැවතීමටද නොහැකි බව අදහස් කරනවා..

යින් යන්නෙන් අඳුරු, පසුගාමී, සීතල​, දුර්වල යන්න පිළිඹිබු කරන අතර යැන් යන්නෙන් ආලෝකමත්, ක්‍රියාශීලී, උනුසුම්, ශක්තිමත් යන්න පිළිඹිබු කරනවා.. යින් සහ යැන් දෙකෙහි හැඩයෙන් නොනවතින ක්‍රියාකාරීත්වයක් ඇති බව පෙන්වනවා.. යින් වලින් යැන් වලට හා යැන් වලින් යින් වලට ලෙසින් සියල්ලම සිදුවීමට හේතුවන බව පෙන්වනවා...
සෑමවිටම මේ දෙකෙහි පවතින්නේ එකකට එකක් විරුද්ධ තේරුම්... ජීවිතයේ සෑමවිටම මේ ශක්තීන් දෙක අදාල වනවා..


Thursday, March 17, 2011

2012 - 12 - 21






මේ තියෙන්නේ මායාවරුන් ගේ කැලැන්ඩරය​....2012 - 12 - 21 තමා මේකේ සටහන් වෙලා තියෙන අවසන් දිනය​..  ඔවුන් කියලා තියෙන්නේ එදාට පෘතුවියේ ලොකු වෙනසක් වෙනවා කියලා....
මම හිතන විදිහට නම් පෘතුවියේ චුම්භක ක්‍ෂේස්ත්‍ර මාරුවීමකට ලක් වෙයි... ඒ කියන්නෙ උත්තරධ්‍රැවය හා ද්ක්‍ෂිණ ධ්‍රැවය මාරු වෙයි... ඒකෙන් ලෝකෙට කොහොම බලපෑමක් වෙයිද කියල නම් කියන්න දන්නෑ,,, ඒත් එච්චර ලොකු වෙනසකින් ලොකු බලපෑමක් වෙයි නම් කියන පුලුවන්...
ලෝක විනාශය ගැන මගේ පෞද්ගලික මතය නම් " ඕන දෙයක් වෙද්දෙන්..... "  :)


පසුගිය සතියේ ජපානයේ සිදුවුන භූමිකම්පාව නිසා පෘතුවියේ අක්ශය සුලු ප්‍රමාණයකින් වෙනස් කරලා තියෙනවා... ඊට මාසයකට පමණ පෙරත් ඒ වගේ සුලු වෙනසක් වෙලා තියෙනවා...
(source:- japan
ඒ වගේම ජපානයේ න්‍යෂ්ටික බලාගාර වලින් විකිරණ කාන්දු වීමේ අවධානම ගැන මුලු ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා... තවත් න්‍යෂ්ටික බලාගාර ඇති රටවල් මේ වගේ ව්‍යසනයන්ට ගොදුරු උනොත්,, විකිරණ පිටවීම පාලනය කරගන්න බැරි උනොත්, ඒක මුලු ලෝකයටම විශාල තර්ජනයක් වෙයි...
නමුත් ලෝක විනාශයක් සිදුවේද යන්න ගැන පර්යේෂන කරන විද්‍යාඥයින් නම් ප්‍රකාශ කරන්නේ ලෝක විනාශයක් පිළිබද සාක්‍ෂි නොමැති බවයි....

අනාගතේ මොනා වෙයිද කියලා කවුද දන්නේ.... මොන විද්‍යාවකටත් වඩා ස්වභාව ධර්මය බලවත්නෙ....

****  මේ මාගේ පෞද්ගලික මතයන් පමණයි..........


Tuesday, March 1, 2011



සුසුම් පොදක් වී,,,,,
හදේ ලැගුම් ගෙන නුඹ පෙර දා...
ජීවිතයම ලෙස සිතූ සෙනේහේ,,,,
ගෙන ගියේ මට නොකියා.....
මගේ සරා සඳ​,
හදේ සුවඳ ගෙන,
නුඹ කොහිදැයි සිතුනා.......

කසුන් කල්හාරගෙ ගොඩාක් ලස්සන සින්දුවක්.

Monday, February 28, 2011

හිතට වැදුනු කතාවක්....

මේක මට ඊ-මේල් එකකින් ආපු එකක්... මේ කතාව සමහර අයට නම් හුගක් සංවේදී විදිහට දැනෙයි....

A girl and guy were speeding over 100 mph on the road on a motorcycle...
 
Girl: Slow down. Im scared. 


Guy: No this is fun.


Girl: No its not. Please, its too scary! 


Guy: Then tell me you love me. 


Girl: Fine, I love you. Slow down!


Guy: Now give me a BIG hug.


Girl hugs him


Guy: Can you take my helmet off & put it on yourself? Its bugging me. 

In the paper the next day:( 

A motorcycle had  crashed into a building because of brake failure. Two people were on it, but only one had survived.
The truth was that halfway down the road, the guy realized that his brakes broke, but he didn't want to let the girl know. Instead, he had her say she loved him & felt her hug him one last time, then had her wear his helmet so that she would live even though it meant that he would die. 


සැබෑ ආදරවන්තයා ඇත්තටම තමන්ට වඩා තමන් ආදරය කරන කෙනා ගැන හිතනවා.....

Saturday, February 26, 2011



පවස නිවන දිය බිඳුව නුඹයි.....
   ජීවය ගෙන දෙන සුසුම නුඹයි.....
කඳුල නුඹයි සිනහවද නුඹයි.....
මා සිත් ගත් දිය කිඳුරි නුඹයි.....


Thursday, February 10, 2011

වැලන්ටයින් ෆැන්ටසිය​


වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දවස.........
ඇත්තටම ආදරවන්තයින්ට දවසක් ඕනෙද​...... ඇත්තටම ආදරේ කරන අයට නම් වැලන්ටයින් දිනය නිකන්ම දවසක් විතරයි.. තමන් ආදරේ කරන කෙනා තමන් ලග ඉන්න හැම දවසක්ම​, හැම මොහොතක්ම ආදරේ කරන කෙනෙක්ට ගොඩාක් වටිනවා..
ඉතින් එක දිනයකට විතරක් ඒක වැඩි වෙන්න විදිහක් නෑනෙ..
ඒ වගේම තමන් ආදරේ කරන කෙනා සතුටු කරන්න කවුරු හරි ප්‍රින්ට් කරපු කාඩ්බෝඩ් කෑල්ලක් දෙනවට වඩා දෙයක් කරන්න පුලුවන්... හැම කෙනෙක්ටම පොඩි හරි නිර්මාණාත්මක හැකියාවක් තියෙනවනේ.. තමන්ට පුලුවන් විදිහට තමන්ම නිර්මාණය කරපු දෙයක් දෙන්න පුලුවන් නම් අර වගේ කාඩ්බෝඩ් කෑල්ලක් දෙනවට සිය ගුණයකටත් වඩා තමන් ආදරේ කර්න කෙනාව සතුටු කරන්න පුලුවන්.. ඒක චිත්‍රයක්, කවියක්, සින්දුවක්, නිසැදසක්, එහෙමත් නැතිනම් පරිගණකය මගින් කරපු නිර්මාණයක් උනත් වෙන්න පුලුවන්.. වැදගත් වෙන්නෙ තමන්ගේම නිර්මාණයක් වීමයි...
ඒ වගේ දෙයක් දෙන්නත් විශේෂ දවසක් කියලම ඉන්න ඕනෙ නෑ.. තමන්ට පුලුවන් ඕන දවසක දෙන්න පුලුවන්... 
අනිත් අය කරන පලියට හැමදේම තමනුත් කරන්න කලින් ටිකක් හිතන්න​..
ඇත්තටම වැලන්ටයින් කියන්නේ බිස්නස්කාරයින්ගේ දවසක්.. ආදරවන්තයින් ගේ දවස කියන්නේ තමන් ආදරේ කරන කෙනා ලගින් ඉන්න හැම දවසකටම​..
මම කියපු දේ වැරදිද කියලා ටිකක් හිතලා බලන්න​.........

ඇරඹුම​


සෙමෙස්ටර් එකත් ඉවර වෙලා නිදහසේ ඉන්න එකේ හිතට එන අදහස් ලියන්න බ්ලොග් එකක් පටන් ගන්න හිතුනා...
මුලින්ම කියන්න ඕනේ මේකේ ලියන්නෙ මගේ හිතට එන අදහස්,, සමහරවිට වැරදි වෙන්නත්, වෙනත් කෙනෙක්ගේ අදහස් වලට පරස්පර විරෝධී වෙන්නත් පුලුවන්... එහෙම වෙලාවට කමෙන්ට් එකක් දාලා ඕන කෙනෙක්ට තමන් ගේ අදහසුත් කියන්න පුලුවන්...
නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම මූලික මිනිස් අයිතිවාසිකමක්නේ............ :)