Sunday, March 10, 2013

Everything is connected

Everything is connected සෑම දෙයක්ම සම්බන් දයි.. මේක මම තදින්ම විශ්වාස කරන දෙයක්.. මේ ලෝකයේ සෑම දෙයක්ම සෑම සතෙක්ම එකිනෙකාට සම්බන් ද වෙලා ඉන්නවා.. සෑම භෞතික දෙයක්ම ගත්තම ඒ හැම දෙයක්ම අවසානයේ හැදිලා තියෙන්නෙ කිසියම් මූලද්‍රව්‍යකින්... මිනිස්සු, සතුන් ගහකොළ උනත් සෛල වලින් හැදිලා තියෙන්නේ... 
උදාහරණයක් විදිහට හිතන්න පාරෙදි අපි දකින කෙනෙක්.. සමහරවිට ඒ කෙනාව අපි කවදාවත් දැකලා නැති වෙන්න පුලුවන්, ඒත් ඒ කෙනාගෙ කිසියක් ලක්‍ෂණයක් අපි කලින් දැකලා තියෙන්න පුලුවන්. සමහරවිට ඒ වගේම ඇස් තියෙන කෙනෙක්, කට ඒ වගේම කෙනෙක්.. ඉතින් මේ විදිහට ගත්තම හැම මනුෂයෙක්ම කොටස් විදිහට හිතුවොත් එක සමාන කොටස් තියෙන ගොඩක් අය හොයාගන්න පුලුවන් වෙයි..
හිතන්න අපි හුස්ම ගැනීම ගැන​.. අපි හුස්ම ගන්න වාතයෙන්මයි අනිත් මිනිසුනුත්, සත්ත්වයිනුත් හුස්ම ගන්නේ.. 
මේ සියල්ලටම ඉහලින් තියෙන ධර්මය විදිහට මම හිතන්නෙ ස්වභාව ධර්මය​....
ස්වභාව ධර්මයට තමා සෑම දෙයක්ම සම් බන් ද වෙලා තියෙන්නෙ...

සෑම දෙයක්ම සම් බන් ද උනාට අපට මොකද්ද ඒකෙ තියෙන වැදගත්කම​?
ඇත්තෙන්ම ඒ දෙය ගොඩක් වැදගත්..
හිතන්න සෑම දෙයක්ම සම් බන් ද නම් රටවල් හරහා ගමන් කිරීමට ගුවන් යානා, නැව් මොකටද​,,, වාහන වල ප්‍රයෝජනය මොකද්ද​....
පරිගණක තාක්‍ෂණය පැත්තෙන් හිතුවොත් මේ හරහා නවතම අන්තර්ජාලයක් බිහි කරන්න පුලුවන්.. ලිපි ඇමිණීම වෙනුවට භෞතික ද්‍රව්‍ය අමුණා විද්‍යුත් තැපැල් යවන්න පුලුවන් වේවි.. හිතාගන්නට නොහැකි තරම් බෑන්ඩ්විඩ්ත් එකක් තිබේවි..

තවත් බොහෝ දේ මගේ මනසේ මැවෙනවා.. අකුරු කරන්නට අමාරුයි නමුත්..
මෙය කියවන ඔබට පුලුවන් මගේ කරුණ හරහා ඉදිරියට සිතා බලන්න​..
මේ මගේ පෞද්ගලික සිතිවිලි පමණයි..

Friday, July 29, 2011

තුන් කාල​

ඩොකියුමන්ට් එකක් ටයිප් කර කර ඉද්දී මට ඒ ලෙවල් කාලේ වෙච්ච සිදුවීමක් මතක් උනා...
මේක උනේ රොටරියෙ එකවුන්ට් ක්ලාස් එකක​...
බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පේළි වලින් නිසා අපි ඉඳගන්නෙම පිටිපස්සෙම පේළි වල​...
එදා කරේ තියරි පාඩමක්, හදන්න ගණන් නැතුව කම්මැලි කමේ හිටපු හින්දා සර්ට චිට් එකක් යවන්න හිතුනා....
පැත්තක ඉන්න කෙල්ලො දකිද්දි ලියන්න අයිඩියා එකකුත් ආවා...
" සර් ගැහැණු ළමයිට 3¼ කලිසම් ඇඳගෙන පන්ති එන්න අවසර තියෙනවා නම් ඇයි අපිට අවසර නැත්තෙ?? "


සර් ළගට කොලේ ගියා,, ඔන්න දැන් සර් කියවනවා..
ප්‍රශ්නෙ මුලින් කියෙව්වා,, "අහපු ප්‍රශ්නේ නම් වරදක් නෑ, හැබැයි ලියපු කෙනා තුන් කාල ලියලා තියෙන්නේ තුනයි කාල කියලා, එහෙම දිග කලිසම් ඇන්දට නම් කමක් නෑ" කිව්වා...
හෆ්ෆා,, මට විලි ලැජ්ජාවෙ සන්තෝසේ බෑ ඉතින්,, වෙලාවට ළඟ හිටපු උන් විතරයි දන්නේ ලිව්වේ මම කියලා,,, මාත් ඉතින් මුකුත් දන් නෑ වගේ හයියෙන් හිනා වෙවී හිටියා...

( කතාව මීටර් නැති අයට කියන්නේ, තුන් කාල ලියන්නේ මෙන්න මෙහෙම ¾ )

Friday, July 15, 2011

යින් සහ යැන්


ඔබ මේ සලකුන ගැන මොනාද දන්නේ? කුන්(ග්)ෆූ ක්‍රීඩාවේ සලකුනක් කියලා පමණද​?
මේ සලකුන පිටුපස ජීවිතය පිළිබඳ​ ලොකු තේරුමක් තියෙනවා.. ප්‍රධාන වශයෙන් එය සමබරතාවය කියලා හඳුන්වන්න පුලුවන්.

මේ සලකුනේ රූපමය තේරුම පිළිබඳ සැලකුවොත් පිටත කලු රවුමෙන් අදහස් කරන්නේ "සියල්ල​" යන්නයි...
මැද ඇති කලු සහ සුදු කොටස් වලින් ශක්තීන් දෙකක අන්තර් ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරනවා..
කලු කොටස "යින්" ලෙසත්, සුදු කොටස "යැන්" ලෙසත් හැඳින්වෙනවා.. සියල්ල සිදුවීමට හේතුවන්නේ මේ ශක්තීන් දෙක ලෙස සලකනවා.. ඒ වගේම විශේෂ දෙයක් වන්නේ මේ කොටස් සම්පූර්ණයෙන් කලු හෝ සුදු නොවීමයි.. ජීවිතයේ සෑම දෙයක්ම කලු හෝ සුදු නොවන බව මයින් අදහස් කරනවා..
ඒ වගේම මේ ශක්තීන් දෙකට එකකට එකක් නොමැතිව පැවතීමටද නොහැකි බව අදහස් කරනවා..

යින් යන්නෙන් අඳුරු, පසුගාමී, සීතල​, දුර්වල යන්න පිළිඹිබු කරන අතර යැන් යන්නෙන් ආලෝකමත්, ක්‍රියාශීලී, උනුසුම්, ශක්තිමත් යන්න පිළිඹිබු කරනවා.. යින් සහ යැන් දෙකෙහි හැඩයෙන් නොනවතින ක්‍රියාකාරීත්වයක් ඇති බව පෙන්වනවා.. යින් වලින් යැන් වලට හා යැන් වලින් යින් වලට ලෙසින් සියල්ලම සිදුවීමට හේතුවන බව පෙන්වනවා...
සෑමවිටම මේ දෙකෙහි පවතින්නේ එකකට එකක් විරුද්ධ තේරුම්... ජීවිතයේ සෑමවිටම මේ ශක්තීන් දෙක අදාල වනවා..


Thursday, March 17, 2011

2012 - 12 - 21






මේ තියෙන්නේ මායාවරුන් ගේ කැලැන්ඩරය​....2012 - 12 - 21 තමා මේකේ සටහන් වෙලා තියෙන අවසන් දිනය​..  ඔවුන් කියලා තියෙන්නේ එදාට පෘතුවියේ ලොකු වෙනසක් වෙනවා කියලා....
මම හිතන විදිහට නම් පෘතුවියේ චුම්භක ක්‍ෂේස්ත්‍ර මාරුවීමකට ලක් වෙයි... ඒ කියන්නෙ උත්තරධ්‍රැවය හා ද්ක්‍ෂිණ ධ්‍රැවය මාරු වෙයි... ඒකෙන් ලෝකෙට කොහොම බලපෑමක් වෙයිද කියල නම් කියන්න දන්නෑ,,, ඒත් එච්චර ලොකු වෙනසකින් ලොකු බලපෑමක් වෙයි නම් කියන පුලුවන්...
ලෝක විනාශය ගැන මගේ පෞද්ගලික මතය නම් " ඕන දෙයක් වෙද්දෙන්..... "  :)


පසුගිය සතියේ ජපානයේ සිදුවුන භූමිකම්පාව නිසා පෘතුවියේ අක්ශය සුලු ප්‍රමාණයකින් වෙනස් කරලා තියෙනවා... ඊට මාසයකට පමණ පෙරත් ඒ වගේ සුලු වෙනසක් වෙලා තියෙනවා...
(source:- japan
ඒ වගේම ජපානයේ න්‍යෂ්ටික බලාගාර වලින් විකිරණ කාන්දු වීමේ අවධානම ගැන මුලු ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා... තවත් න්‍යෂ්ටික බලාගාර ඇති රටවල් මේ වගේ ව්‍යසනයන්ට ගොදුරු උනොත්,, විකිරණ පිටවීම පාලනය කරගන්න බැරි උනොත්, ඒක මුලු ලෝකයටම විශාල තර්ජනයක් වෙයි...
නමුත් ලෝක විනාශයක් සිදුවේද යන්න ගැන පර්යේෂන කරන විද්‍යාඥයින් නම් ප්‍රකාශ කරන්නේ ලෝක විනාශයක් පිළිබද සාක්‍ෂි නොමැති බවයි....

අනාගතේ මොනා වෙයිද කියලා කවුද දන්නේ.... මොන විද්‍යාවකටත් වඩා ස්වභාව ධර්මය බලවත්නෙ....

****  මේ මාගේ පෞද්ගලික මතයන් පමණයි..........


Tuesday, March 1, 2011



සුසුම් පොදක් වී,,,,,
හදේ ලැගුම් ගෙන නුඹ පෙර දා...
ජීවිතයම ලෙස සිතූ සෙනේහේ,,,,
ගෙන ගියේ මට නොකියා.....
මගේ සරා සඳ​,
හදේ සුවඳ ගෙන,
නුඹ කොහිදැයි සිතුනා.......

කසුන් කල්හාරගෙ ගොඩාක් ලස්සන සින්දුවක්.

Monday, February 28, 2011

හිතට වැදුනු කතාවක්....

මේක මට ඊ-මේල් එකකින් ආපු එකක්... මේ කතාව සමහර අයට නම් හුගක් සංවේදී විදිහට දැනෙයි....

A girl and guy were speeding over 100 mph on the road on a motorcycle...
 
Girl: Slow down. Im scared. 


Guy: No this is fun.


Girl: No its not. Please, its too scary! 


Guy: Then tell me you love me. 


Girl: Fine, I love you. Slow down!


Guy: Now give me a BIG hug.


Girl hugs him


Guy: Can you take my helmet off & put it on yourself? Its bugging me. 

In the paper the next day:( 

A motorcycle had  crashed into a building because of brake failure. Two people were on it, but only one had survived.
The truth was that halfway down the road, the guy realized that his brakes broke, but he didn't want to let the girl know. Instead, he had her say she loved him & felt her hug him one last time, then had her wear his helmet so that she would live even though it meant that he would die. 


සැබෑ ආදරවන්තයා ඇත්තටම තමන්ට වඩා තමන් ආදරය කරන කෙනා ගැන හිතනවා.....