Showing posts with label තුන් කාල​. Show all posts
Showing posts with label තුන් කාල​. Show all posts

Friday, July 29, 2011

තුන් කාල​

ඩොකියුමන්ට් එකක් ටයිප් කර කර ඉද්දී මට ඒ ලෙවල් කාලේ වෙච්ච සිදුවීමක් මතක් උනා...
මේක උනේ රොටරියෙ එකවුන්ට් ක්ලාස් එකක​...
බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පේළි වලින් නිසා අපි ඉඳගන්නෙම පිටිපස්සෙම පේළි වල​...
එදා කරේ තියරි පාඩමක්, හදන්න ගණන් නැතුව කම්මැලි කමේ හිටපු හින්දා සර්ට චිට් එකක් යවන්න හිතුනා....
පැත්තක ඉන්න කෙල්ලො දකිද්දි ලියන්න අයිඩියා එකකුත් ආවා...
" සර් ගැහැණු ළමයිට 3¼ කලිසම් ඇඳගෙන පන්ති එන්න අවසර තියෙනවා නම් ඇයි අපිට අවසර නැත්තෙ?? "


සර් ළගට කොලේ ගියා,, ඔන්න දැන් සර් කියවනවා..
ප්‍රශ්නෙ මුලින් කියෙව්වා,, "අහපු ප්‍රශ්නේ නම් වරදක් නෑ, හැබැයි ලියපු කෙනා තුන් කාල ලියලා තියෙන්නේ තුනයි කාල කියලා, එහෙම දිග කලිසම් ඇන්දට නම් කමක් නෑ" කිව්වා...
හෆ්ෆා,, මට විලි ලැජ්ජාවෙ සන්තෝසේ බෑ ඉතින්,, වෙලාවට ළඟ හිටපු උන් විතරයි දන්නේ ලිව්වේ මම කියලා,,, මාත් ඉතින් මුකුත් දන් නෑ වගේ හයියෙන් හිනා වෙවී හිටියා...

( කතාව මීටර් නැති අයට කියන්නේ, තුන් කාල ලියන්නේ මෙන්න මෙහෙම ¾ )